අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා පිලට එක්වෙයි

Some blog posts contain unedited fan-submitted content — Create an account to start your own blog

ගුරා යලි ක‍්‍රිකට් පිලට
අසංක ගුරුසිංහ අතීතයේ ශ‍්‍රී ලංකා පිලේ වැඩියෙන්ම බැනුම් ඇසූ ක‍්‍රීඩකයාය. ඒ අතීතයේදී ගුරාගේ වටිනාකම සහ කාර්යභාරය අපිට නොතේරුණ නිසාය. අංක තුන පිතිකරු ලෙස කණ්ඩායමේ නැංගුරම වෙමින් අරවින්දට සහ අර්ජුනට හෝ මහානාමට මැච් ගොඩ දැමීමට සහය වූයේ ගුරාය. ගුරාගේ එක්දින ප‍්‍රහාරාත්මක වේගය 60.88ක් විය. 
ගුරාගේ එක්දින දිවියේ ඇත්තේ ශතක දෙකක් පමණි. ඒ දෙකම නවසීලන්තයට එරෙහිවය. නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව පළමු ජය ශ‍්‍රී ලංකාවට ගෙනදුන්නේ ගුරාගේ දෙවන එක්දින ශතකයයි. ආරම්භක පිතිකරු ලෙසින් ගුරා ලබාගත් ලකුණු 108 නිසා ශ‍්‍රී ලංකා පිල ලකුණු 250ක් රුස් කලේය. සනා ලකුණු 49කින් දායක විය. නවසීලන්තය ලකුණු 199කට දැවී ගියේ සනත් සහ කල්පගේ කඩුලු තුන බැගින් ලබාගැනීමත් සමගිනි. 
ගුරාගේ පළමු ශතකය අපතේ ගියේ සාජා හිදී ලකුණු 2කින් ශ‍්‍රී ලංකාව පරාජය වීම නිසාය. බිඳිය නොහැකි සබඳතාවක් බිඳ දැමීමට අර්ජුනගේ එක් තුරුම්පුවක් වූයේ ගුරාය. 
ගුරාගේ අවුල තිබ්බේ පන්දු රුකීමේදීය. එක් ඇසක තිබූ කාචය නිසා පන්දුව නිසි පරිදි දර්ශනය නොවීම එයට එක් හේතුවකි. පන්දු රුකීමේදි දැක්වූ අලස භාවය නිසා ගුරා අම්බානක බැනුම් ඇසුවේය.

ඒ කෙසේ වෙතත් ගුරා සංවිධානයෙහි දක්ෂයෙකි. ’96 සමරමු’ තර`ග මාලාව සහ 96 කණ්ඩායමේ පොදු වැඩ සියල්ල මහානාම සම`ග එක්ව සංවිධාන කලේ ගුරාය. ඒ ගුරාගේ හිත හොඳ කාර්යශූර බව නිසාය. ඒ ගුරා අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල සම`ග එක්වුනේ කණ්ඩායම් කළමණාකරු ලෙසිනි. 
කවදත් ලංකාවේ ක‍්‍රිකට් වලට නිහ`ඩ සේවයක් කල ගුරා කළමණාකරු ලෙසින්ද අපූරු සේවයක් සිදු කරනු ඇත. අසංක ගුරුසිංහ ඔබට සුබපැතුම්.

-විදුරංග ගුණසේකර-
https://www.facebook.com/vvgofficial/pho...

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.