යුදහමුදාව සුනුවිසුනු කරමින් හලාවත පළමු දිනයේ දී ම 400 පසුකරයි

දෙසැම්බර් 28, 2017

Photo

ශ්‍රී ලංකවේ පැවැත්වෙන පළමුපෙළ තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තරග අද ආරම්භ විය. පළමු පෙළ තරගාවලියේ ප්‍රමුඛ කණ්ඩායම් 14 සහභාගීවන තරගාවලියේ දී, හලාවත මේරියන්ස් කණ්ඩායම තරගවදින්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිවය.

කටුනායක දී පැවැත්වෙන තරගයෙ පළමු දිනයේ දීම ලකුණු 400 සීමාව පසු කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්වූයේ, කඩුලු 4 ක් පමණක් දැවී සිටියදී වේ.

ආරම්භක පිතිකරු ශෙහාන් ජයසූරිය පන්දු 108 කදී  කුණු 118 ක් රැස්කරද්දී, ඕෂද ප්‍රනාන්දු දිනය අවසන් වන විට පන්දු 248 ක දී නොදැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත්විය. සචිත්‍ර සේරසිංහ ද ලකුණු 65 ක් රැස්කළේය‍.

පන්දුවාර 90 ක් තූළ ලකුණු 418 ක් කඩුලු 4 ක් පමණක් ලබා සිටියදී රැස්කිරීමෙන් ම ප්‍රතිවාදීන්ගේ පන්දුයැවීමේ බල ඇණියේ දක්ෂතාවන් පිළිබි ඹුවේ.

පළමු පෙළ තත්ත්වයේ කණ්ඩායමක් වුව ද මෙම තරගයට සහභාගීවන යුදහමුදා කණ්ඩායමේ පන්දුයවන්නන් අතර, ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් නොවීම විශේෂත්වයකි.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.