20/20 පළමු තරගයේදී ම ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

පෙබරවාරි 15, 2018

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පන්දුවාර 20/20 තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව අද (15) සමත්විය.

ඩකා හී දී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කඩුලු 5 කට ලකුණු 193 ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගයක් විය.

කෙසේ වෙතත්, ධනාත්මකව පිතිකරණයෙහි යෙදෙමින්, එම ඉලක්කය පන්දු 22 ක් ඉතිරිව තිබියදී පසුකිරීමට ශ්‍රී ලංකාව සමත්වීම කැපී පෙණින.

ශෙහාන් මධුශංක අද පන්දුවාර 20/20 ජාත්‍යන්තර තරග වරම් දිනා ගනිද්දී වසර 5 කට පසුව ජාත්‍යන්තර පිටියේ ස්ථානයක් හිමිකරගැනීමට ජීවන් මෙන්ඩිස්ට හැකිවිය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මුශ්ෆිකුර් රහීම් ලකුණු 66 නොදැවී රැස්කරද්දී, ජීවන් ලකුණු 21 කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය.

Photo

ආරම්භක පිතිකරුවන් ලෙස අද පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා ධනුශ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වීම ජයග්‍රහණයේ අඩිතාලය බවට පත්විය.

කුසල් පන්දු 27 කින් ලකුණු 53 ක් රැස්කරද්දී, ධනුශ්ක පන්දු 15 කින් ලකුණු 30 ක් රැස්කිරීමට සමත්විය.

පන්දුවාර 20/20 තරග රටාවේ විශේෂඥයෙකු වන තිසර පෙරේරා ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවකින් නොදැවී ලකුණු 39 ක් රැස්කරද්දී, දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් පිතිකරණ අංශය මැද පෙළින් ශක්තිමත් කළේය.

තුන්කොන් එක්දින තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20/20 තරගාවලිය ජය ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණි.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.