නිදහස් කුසලානෙන් අසේල ඉවතට, තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු වැට උඩ

පෙබරවාරි 23, 2018

Photo

මෙරට දී පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක අසේල ගුණරත්නට අහිමිව තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇතිවූ ආබාදය තවදුරටත් සුවපත් නොවීම හේතුවෙන් මේ තත්ත්වය උදාව තිබේ.

මේ අතර, ඇන්ජලෝ මැතිව්ස්, ශෙහාන් මධුශංක හා කුසල් ජනිත් පෙරේරා ද ආබාද වලට ගොදුරුව ඇති බව වාර්තා වේ.

මේ අතරින්, ශෙහාන් මධුශංකගේ තත්ත්වය ද සැක සහිත වන අතර, මෙම සති අන්තයේ දී පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුව අවසන් තීරණයක් ගනු ඇත.

ඉන්දියාව - බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගීවන තුන්කොන් 20/20 තරගාවලිය ලබන මස 6 වැනි දා ආරම්භ වීමට නියමිතය.
 

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.