තිසරගේ දැවැන්ත ප්‍රහාරයෙන් එස්.එස්.සී යට දැවැන්ත ජයක්

මාර්තු 2, 2018

Photo

අන්තර් සමාජ 20/20 ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 107 දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොළඹ එස් එස් සී කණ්ඩායම සමත්විය.

නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එස් එස් සී කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 19 ක් තුළ බිඳ වැටුණ ද, ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක හා තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න සමග එක්ව පන්දුවාර 20 තුළ ලකුණු 203 ක් රැස්කිරීමට සමත්විය.

දසුන් පන්දු 23 කින් ලකුණු 34 ක් රැස් කරද්දී, තිසර පෙරේරා පන්දු 30 කින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වූයේ, හයේ පහර 10 ක් ද සමගින් වීම විශේෂත්වයක් විය.

දිමුත් ඉනිම ආරම්භ කරමින් පන්දු 47 කින් ලකුණු 57 ක් රැස්කරමින් නොදැවී සිටීමට සමත්විය.

පිලිතුරු නාවික ඉනිම ලකුණු 96 කට සීමා විය.

වමත් දඟ පන්දුයවන ක්‍රීඩක ආකාශ් සෙනරත් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.