මේජර් 20/20 ශූරතාව එන් සී සී යට, මාලිංග වැඩිම කඩුලු ලාභීන් අතරට

මාර්තු 9, 2018

මෙරට පැවැති අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දුයවන්නා ලෙස ලසිත් මාලිංග පෙරමුණට පත්විය.

සී සී සී කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් තරගයේ දී, එන් සී සී කණ්ඩායම ජයගත්තේ ලකුණු හයකිනි.

එහිදී එන් සී සී කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග ලකුණු 36 ට එක් කඩුල්ලක් දවා ගැනීමත් සමගින් පන්දුයවන්නන් අතර පෙරමුණට පත්වීය.

ඒ අනුව පැවැති තරග අටම ක්‍රීඩා කළ මාලිංග එහිදී කඩුලු 17 ක් දවා ගැනීමට සමත්විය.

සී සී සී කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක චතුරංග ද සිල්වා ද කඩුලු 17 ක් දවා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.

එන් සී සී කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින්, කඩුලු හතක් දැවී ලකුණු 183 ක් රැස්කිරීමට සමත්විය.

එහිදී භානුක රාජපක්ෂ ලකුණු 79 ක්  පන්දු 51 කින් රැස්කළේ හයේ පහර පහක්ද සමගිනි.

මහේල උඩවත්ත පන්දු 50 කින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

සී සී සී වේගපන්දුයවන ක්‍රීඩක නුවන් තුෂාර ලකුණු 32 කට කඩුලු හතරක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සී සී සී කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 177 ක් තුළ දැවී ගියේ ය.

සචිත් පතිරණ ලකුණු 47 ක් රැස්කළ අතර, වනිදු හසරංග ලකුණු 42 යි.

මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ, මින් ඉහත කැනඩාව ද නියෝජනය කළ රුවිඳු ගුණසේකරයි.

ඔහු සැරසන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග පහක දී අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 272 ක් රැස්කර තිබේ.

© Island Cricket

Comments

Chanaka Goonatillake's picture

Send this article to Labrooy. Probably he will learn from past mistake.

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.