සුපිරි පළාත් එක්දින තරගාවලියට ලසිත් මාලිංග කැඳවයි

අප්‍රේල් 25, 2018

ලසිත් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් අතර එක්දින තරගාවලියට ලසිත් මාලිංග නම් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය දා මාලිංග කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගින් ඔහුගේ නම නැවත ක්‍රිකට් කරළියට ඈඳින.

ලබන මස දෙවැනිදායින් ආරම්භ වන තරගාවලියේ පළමු තරගය දඹුල්ල හා කොළඹ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතවේ.

මේ අතර, මහනුවර කණ්ඩායම එදිනම තරග වදින්නේ ගාල්ල කණ්ඩායම අතරයි.

කෙසේ වෙතත් අයි. පී. එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ක්‍රියාකරන මාලිංග මෙම තරගාවලියට සහභාගී වේ දැයි සැක සහිතවේ.

දඹුල්ල කණ්ඩායමට මාංලිග එක්වද්දී, ගාල්ල කණ්ඩායම උපුල් තරංගගේ නායකත්වයෙනුත්, කොළඹ කණ්ඩායම දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙනුත්, නුවර කන්ඩායම ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙනුත් ක්‍රීඩා කිරීමට නියමිතවේ.

දඹුල්ලට නායකත්වය ලබා දෙන්නේ කුසල් ජනිත් පෙරේරායි.

තරග සටහන:

02/05
කොළඹ - දඹුල්ල - ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ගාල්ල - නුවර - පී සරා ක්‍රීඩාංගණය

05/05
කොළඹ -නුවර -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දඹුල්ල - ගාල්ල - පී සරා ක්‍රීඩාංගණය

08/05
කොළඹ -ගාල්ල -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දඹුල්ල - නුවර - පී සරා ක්‍රීඩාංගණය

11/05
ගාල්ල - නුවර -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
කොළඹ - දඹුල්ල - පී සරා ක්‍රීඩාංගණය

14/05
දඹුල්ල - ගාල්ල -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
කොළඹ -නුවර- පී සරා ක්‍රීඩාංගණය

17/05
දඹුල්ල - නුවර -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය
කොළඹ -ගාල්ල - පී සරා ක්‍රීඩාංගණය

20/05
අවසන් තරගය - දිවා රාත්‍රී -  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.