සුපිරි කණ්ඩායම් හතර අතර එක්දින තරගාවලියේ ගාල්ලට එරෙහිව මහනුවරින් ප්‍රභල අභියෝගයක්

මැයි 3, 2018

Mahela Udawatte

කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවැති තරගයට අයහපත් කාළගුණය බාධා කිරීම හේතුවෙන්, එක් ඉනිමක් පන්දුවාර 40 කට සීමා කරමින් තරගය ආරම්භ විය.

කෙසේ වෙතත්, පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට පන්දුවාර 35 යි පන්දු 4 ක දී සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි.

එහිදී රොෂේන් සිල්වා ලකුණු 55 ක් හා සම්මු අශාන් ලකුණු 72 ක් රැස්කිරිමට සමත්විය.

ඉසුරු උදාන මහනුවර කණ්ඩායමේ ප්‍රභලතම පන්දුයවන්නා වෙමින් ලකුණු 59 ක දී කඩුලු 5 ක් දවා ගත් අතර, කසුරන් රාජිත ලකුණු 63 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට ද වර්ශාවෙන් බාධා එල්ලවූ අතර, ඒවනවිට මහනුවර කණ්ඩායම පන්දුවාර 30 ක දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 217 ක් රැස්කර සිටියේය.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් මහේල උඩවත්ත පන්දු 96 කින් හතරේ පහර 14 න් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 116 ක් රැස්කළ අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 58 කින් ලකුණු 75 ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා අතර, පළමු කඩුල්ලට ලකුණු 137 ක සබඳතාවක් ගොඩනැගින.

අනතුරුව පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක්වූ උඩවත්ත දෙවැනි කඩුල්ලට ලකුණු ලකුණු 80 ක සබඳතාවක් ගොඩ නැගීම ද විශේත්වයක් විය.

එහිදී මැතිව්ස් රැස්කර තිබුණේ ලකුණු 22 ක් පමණි.

වර්ෂාවෙන් බාධා එල්ලවනවිට මහනුවර කණ්ඩායම, පන්දුවාර 30 ත් තූළ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී ලකුණු 217 ක් ලබා සිටීම හේතුවෙන් ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් ඔවුනට හිමි විය.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.