ක්‍රිකට් සභාපති සටනට පරණ මුහුණු හතරක්

මැයි 23, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සඳහා වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලයිස්තුව මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

ඒ අනුව, සභාපති ධූරය සඳහා සිව් දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර, උප සභාපතිධූරය සඳහා නාම යෝජනා හතරක් හා ලේකම් ධූරය සඳහා නාම යෝජනා පහක් ඉදිරිපත්ව තිබේ.

තිලංග සුමතිපාල පාර්ශවයෙන් පැමිණ වසරක් උප සභාපති ධූරයේ සිට ඉන් ඉවත් වූ  හිටපු උප සභාපති වරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතා මෙවර සභාපති ධූරය සඳහා තරග වැදීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 31 වැනි දා පැවැත්වීමට නියමිතය.

නිලවරණය සඳහා ඉදිරිපත් ව ඇති නාමයෝජනා පහත පරිදි වේ.

සභාපති
තිලංග සුමතිපාල, නිශාන්ත රණතුංග, ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා.

උප සභාපති
ශම්මි සිල්වා, හිරන්ත පෙරේරා, කේ. මතිවානන්, මොහාන් ද සිල්වා.

ලේකම්
ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග.

උප ලේකම්
බන්දුල දිසානායක, සමන්ත දොඩන්වල, රවීන් වික්‍රමරත්න.

භාණ්ඩාගාරික
ශම්මි සිල්වා, බන්දුල දිසානායක, එස්මන් නාරංගොඩ.

උප භාණ්ඩාගාරික
ගිහාන් වීරසිංහ, ලලිත් රඹුක්වැල්ල, නිහාල් ලෙව්කේ.

තරග විනිසුරු කමිටුව
දීපාල් මදුරප්පෙරුම, අබු සිද්දෙක්, හිරාන් ජයමාන්න, දුමිඳු හේමාල්, මාලන් රණසිංහ, සමන් හේවාවිතාරණ, වසන්තලාල් ප්‍රනාන්දු.

තරගාවලි කමිටුව
වසන්ත ආරියවික්‍රම, ගිහාන් වීරසිංහ, කසුන් ප්‍රනාන්දු, මාලන් ප්‍රනාන්දුපුල්ලේ, සමන්ත දොඩන්වල, ශම්මි ගුණසේකර.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.