ලසිත් මාලිංග කැනඩාවෙන් නැවත ක්‍රිකට් කරළියට

මැයි 29, 2018

Lasith Malinga

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ වේගපන්දුයවන්නෙකු වන ලසිත් මාලිංග නැවත තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ කැනඩාවේ දී පැවැත්විමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගීවෙමිනි.

ලොව ප්‍රධාන පෙළේ විස්සයි-විස්ස ක්‍රීඩකයන් රැසක් ඉහත තරගාවලියට සහභාගීවන බව ද වාර්තාවේ.

මාලිංග අවසන් වරට ජාත්‍යන්තර 20-20 තරගයකට සහභාගීවී ඇත්තේ, පසුගිව වසරේ සැප්තැම්බර් මස වන අතර, දේශීය 20-20 තරගයක් ක්‍රීඩා කළේ මෙරට දී පසුගිය මාර්තු මාසයේදීය.

නමුත් ඔහුට ජාතික කණ්ඩායමේ තරග කිරීමේ අවස්ථාව හිමි නොවීය.

කැනඩාවේ පැවැත්වෙන 'Global T20 Canada' නමින් හඳුන්වන තරගාවලිය ලබන මස 28 වැනි දා සිට පැවැත්වේ.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.