තණතිලි ගැන මාලිංග කී දේට දයාසිරි හා තිලංග දුන් අපූරු පිළිතුරු

මැයි 29, 2018

ලසිත් මාලිංග

අල් ජසීරා නාලිකාව ඔස්යේ විකාශය කළ වාර්තා වැඩසටහනත් සමගින්, තණතිලි නිර්මාණය කිරීම හා එමගින් තරග පාවාදුන්නා ද යන්න පුළුල් මාතෘකාවක්ව තිබේ.

මේ අතර, ලසිත් මාලිංග විසින් පසුගිය වසරේ දී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද නැවතත් කරළියට පැමිණ ඇත.

ඒ, ක්‍රීඩකයන් හා කණ්ඩායම ඉල්ලා සිටින තණතිල්ල වෙනුවට හිතාමතා වෙනස් කළ තණතිලි ලබා දෙන බවට වූ චෝදනාවයි.

එවකදී මාලිංග මෙවන් හෙළිකිරිමක් සිදුකළ වපසරියක හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වූ දයාසිරි ජයසේකර විධිමත් පිරීක්ෂණයක් සිදුනොකලේ මන්දැයි විමසු අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළේ, මාලිංගගේ ප්‍රකාශය විධිමත්ව සිදු නොකළ බවය.

"නිකං පාරදිගේ කියල හරියන්නෙ නැහැනෙ. එයා එහෙනම් කියන්න ඕනෙ මෙන්න මේ තරගෙ සිද්ධවුණා කියල අපිට අඩුම තරමෙ ලිඛිතව පැමිණිල්ලක් කරන්න තිබුණ." - දයාසිරි ජයසේකර

ගරාවැටෙමින් තිබූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවීමට නම් කළ යුත්තේ කුමක් ද යන්න කතිකාවක් ඇති කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය මගින් පසුගිය වසරේ සැප්තැම්බර් මස විද්වත් කතිකාවක් පැවැත්විණ.

මාලිංග මේ හෙළිදරව්ව සිදුකළේ හිටපු ක්‍රීඩකයන්, වත්මන් ක්‍රීඩකයන්, හිටපු ප්‍රවීණයන්, මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත්වූ මෙම කතිකාව අතරතුර දී ය.

නමුත් අමාත්‍යවරයා ඊයේ (28) ප්‍රකාශ කළේ මාලිංගට අවශ්‍ය තණතිලි ලබා නොදුන් බැවින් චෝදනා එල්ල කළ බවයි.

"එයා කිව්වෙ අපිට උවමණා තණතීරු හම්බවෙන්නෙ නෑ කියල එතකොට ඒකෙන් අදහස් වෙන්න මොනව ද? එතකොට එයාටත් ෆික්ස් කරන්න ඕන පිච් එක කියල ඒකනෙ කියන්නෙ?" - දයාසිරි ජයසේකර

එසේම, ක්‍රීඩකයන්ට හෝ කණ්ඩායමට අවශ්‍ය ලෙස තණතීරු ලබා දීමට නීතියෙන් අවසර නැති බව ද  අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ප්‍රශ්නය: සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අයිතිය තියනව තමන්ට අවශ්‍ය විදියට තණතීරුව ඉල්ලන්න?

පිළිතුර: නෑ එහෙම ඉල්ලන්න බෑ. කොහොමද එහෙම ඉල්ලන්නෙ?

මේ ආකාරයෙන් ගත් කළ ගැටලුවට පිළිතුරු දීමට හෝ එවක සිටි නිළධාරීන් කටුයුතු කර නැති බව ද පැහැදිලි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතාද මාලිංග කළ ප්‍රකාශය විශ්වාස කළ නොහැකි ප්‍රකාශයක් ලෙස ඉවතලා තිබෙන බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

"අපිට ඒ ප්‍රකාශ ගැන කියන්න දෙයක් නැහැ. අනික එයා කීප වතාවක්ම 'කියපු එක වැරදුනා' කියලා නැවත සමාව ගත්ත එක්කෙනෙක්," යනුවෙන් සුමතිපාල සඳහන් කළේය.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.