ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ වගකීම ලැබ්රෝයි ඇතුළු හතරකට පවරයි

ජූනි 5, 2018

ග්‍රැහැම් ලැබ්‍රෝයි

දිගින් දිගටම නම් කිරීම කල් යමින් තිබූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ අනුමැතියෙන් සිදුවිය.

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් නම් කර ඇති කමිටුවට පත් කර ඇති සෙසු සාමාජිකයන් වන්නේ, ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත, ජෙරීල් වවුටර්ස් හා චන්දික හතුරුසිංහ යන මහත්වරුන්ය.

මින් ඉහත ජාතික පුහුණුකරුට කණ්ඩායම තොරාගැනීමේ හැකියාවක් නොතිබීම මත මින් ඉහත චන්දික හතුරුසිංහ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් කිරීම සිදුවිය.

නව කමිටුවේ ද, ජාතික පුහුණුකරු හතුරුසිංහට අදාළ රාජකාරිය භාරකර ඇත්තේ, තරගාවලිවල දී තේරීම් කටයුතු සිදු කිරීමට පූර්ණ බලය ලබා දෙමින්.

කලක් සනත් ජයසූරිය මහතාගේ සභාපතිධූරයෙන් පැවති තේරීම් කමිටුවේ මෙන්ම, වරින් වර තේරීම් කමිටුවල සාමාජිකත්වය දැරූ එරික් උපශාන්ත නැවත පත් කර තිබීම විශේෂත්වයක් වේ.

එසේම චරිත් සේනානායක මහතා ඉවත් කර ජාතික කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කල වවුටර්ස් මහතාට තේරීම් කමිටුවේ ස්ථානයක් ලැබී තිබේ.

නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීමවේ.

එසේම, ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායමක් තොරා ගැනීම හා ඊට අවශ්‍ය මූලික කටයුතු හා තේරීම් ප්‍රතිපත්ථියක් සැකසීමේ වගකීම ද ඔවුනට හිමිවනු ඇත.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.