පන්දුව පළුදු කළ බව කියමින් චන්දිමාල්ට වරද පැටවෙයි

ජූනි 17, 2018

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට පන්දුවේ හැඩය වෙනස් වී ඇති වූයෙන් ඊයේ දිනය වෙනත් පන්දුවක් භාවිත කරමින් ආරම්භ කිරිමට විනිසුරුවරුන් තීරණය කළේය.

නමුත් පැහැදිලි හේතුවක් නොදක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත වරද පටවමින් එම තීරණය ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ විරෝධතාව දක්වමින් තරග ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියත් ඒ වනවිට ශ්‍රී ලංකාවට දඬුවම් ලකුණු පහක් ලබා දීම ද දැඩි අවධානයට යොමුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තම ක්‍රීඩකයන්ට එරෙහිව නගා ඇති චෝදනා පදනම් විරහිත බවයි.

තරගය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත, විරෝධතා තත්වයක් අඟවමින් තරගයට පිවිසි බව ද එහි වැඩිදුරටත් සඳහන් කළේය.

විනිසුරුවරුන් පවසන පරිදි කිසිදු ක්‍රීඩකයෙකු පන්දුවේ හැඩය වෙනස් කිරීමට හවුල්ව නැති බව වගකීමෙන් පැවසිය හැකි බවත්, කිසියම් ක්‍රීඩකයෙකුට එරෙහිව ක්‍රියාත්මක වේනම් ඔහුවෙනුවෙන් පදනම් විරහිතව පෙනීසිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ, නායක දිනේශ් චන්දිමාල් "පන්දුවේ හැඩය වෙනස් කිරීම" යන වරදට වරදකරු කර ඇතිබවවේ.

නමුත්, සාක්ෂී සහිතව මේ බව ඔප්පු කිරීමට සමත්ව නැති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගයක් අතරතුර ද මෙවැනිම පන්දුවේ හැඩය වෙනස් කිරීමක් වාර්තා වු අතර, රූපවාහිනී පුනරූපන මගින් එය සනාථ විය.

නමුත් මෙම සිදුවීමේ දී එවැනි කිසිදු නිශ්චිත සාක්ෂියක් ලැබී නොමැත.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.