ඇමතිවරයාගේ ඉල්ලීම ඉවත දැමූ ක්‍රිකට් ජ්‍යේෂ්ඨයින් කියපු කතාවේ හරය

ජූනි 19, 2018

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය තාවකාලිකව අත් හිටුවීමෙන් පසුව එහි පරිපාලනය බලයලත් නිළධාරියෙකු යටතේ පත් කළ ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය දා තවත් ජනප්‍රිය තීරණයක් ගැනීමට කටයුතු කළේය.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත, ගොඩනැගීම සඳහා උපදේශන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමට‍ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලි ද සිල්වා මහතාගේ අත්සනින් සිදු කළ ලිඛිත ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශය හා ඉල්ලීම සැලකිල්ලට ගෙන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා හා රොෂාන් මහානාම ඉහත සඳහන් කළ කමිටුවට පත් කිරීමට තීරණය කළ බවයි.

ඊට අමතරව දඟ පන්දුයවන්නන්ට උපදේශන සේවා සැපයීමට මුත්තයියා මුරලිදරන්ට ද ඉල්ලීමක් සිදු කරන බව ප්‍රකාශ විය.

පසුගිව වසර කිහිපය තුළ ඉහත සඳහන් කළ ජ්‍යේෂ්ඨයන් විටින් විට නොවෙක් කමිටු හා උපදේශක මණ්ඩල සඳහා පත් කළ ද ඔවුන්ගේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොවීය.

ඒ අනුව ගත් කළ නව අමාත්‍යවරයා නැවත සිදුකර ඇත්තේ, තවත් ජනප්‍රිය තීරණයක් මගින් ප්‍රධාන ධාරාවේ අවධානය වෙනමගකට යොමුකිරීමට තැත් කීරීමක් දැයි මත පළ වේ.

එසේම, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුන්වෙනි පාර්ශවයක් මගින් හසුරවනවාදැයි සැක පළවේ.

Photo

අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන සෘජු පිළිතුරක් ලබා දී තිබුණේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කාලය කා දැමීමට තමන් සූදානම් නැති බව ඉඟි පළ කරමිනි.

"මා ක්‍රිකට් කමිටු සාමාජිකයෙකු ලෙස වසරක් කටයුතු කළා. විශේෂ උපදේශකයෙකු ලෙස මාස හයක් ක්‍රියා කළා. නමුත් අදවෙනතෙක් කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය සමත් වුණේ නෑ. පවතින ක්‍රමය ගැන මගේ කිසිම විශ්වාසයක් නෑ. ඔබට කිසිවෙකුගේ කාලය කා දැමීමේ අවශ්‍යතාවක් තිබුණාට අපේ කාලය ඊට ඇතුළත් කරගන්න එපා."

මහේලගේ ඉහත ප්‍රකාශයෙන් පසුව රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් හා කුමර් සංගක්කාර ද අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

කුමාර් සංගක්කාර මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ද උපදේශන කමිටු වල සාමාජිකත්වය ගැනීම කාලය කා දැමීමක් ලෙසයි.

එසේම, තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝ කාලීන විසඳුමක් කෙරෙහි අවධානය යොමුකරන මෙන් ද සංගක්කාර ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදුකරමින්, දීර්ඝ කාලීන සාධනීය වෙනසක් සිදු කිරීමට සද්භාවයෙන් කටයුතු කරන මෙන් ඔහු මෙහිදී ඉල්ලා තිබේ.

දේශපාලන අරමුණු වෙනුවෙන්, විශේෂඥ දැනුම අවභාවිත කිරීම හේතුවෙන්, ජ්‍යේෂ්ඨයන් හා ක්‍රීඩාවට සැබෑවටම ආදරය කරන වුන් ඉදිරිපත් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ක්‍රීඩා නීතියට අනුකූලවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදුකරමින් ජාතික ප්‍රතිපත්තියක් යටතට පත් කළ හොත් තමා ඇතුළු සියලු දෙනා ඊට උදව් උපකාර කිරීමට සැදී පැහැදී සිටින බව ද සංගක්කාර අවධාරණය කර තිබේ.

රොෂාන් මහානාම ද ලිපියක් මගින් දන්වා ඇත්තේ, මුල් ඈඳුනු ගැටලුවලට තිරසාර පිළියම් නොයොදා තාවකාලික පිළිතුරු සෙවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇති පසුබෑම වැලැක්විය නොහැකි බවයි.

තමා විසින්ද, නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත්, බොහෝ කරුණු අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ ද මේවනතෙක් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති බව ද රොෂාන් මහානාම පවසයි.

දීර්ඝ කාලයක පටන් ඇති මෙම ගැටලු නිරාකරණය වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධවී කටයුතු කිරීමේ අදහසක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දේශපාලන අතපෙවීම්, වංකභාවය හා විනිවිදභාවයෙන් තොරව කියාකිරීම වැනි කරුණුවලට තිරසාර විසඳුමක් ලබා දෙන තුරු හිතට එකඟව කටයුතු කිරීමට නොහැකි බව ද මහානාම පෙන්වා දෙයි.

මුත්තයියා මුරලිදරන් පවසන්නේ, අගාදයට වැටීමට පෙර තමන් ඇතුළු ජ්‍යේෂ්ඨයන්ගේ උපකාර ලබා නොගෙන මේ අවස්ථාවේ ඉල්ලීම් සිදුකිරීම වංක හා කපටි පිළිවෙතක් බවයි.

නියමාකාරයෙන් විනිවිධභවයෙන් කටයුතු කරන්නේ නම් පමණක් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නිහතමානීව හා නිර්ලෝභීව උදව් උපකාර කරන බව මුරලිදරන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඉහත කරුණු අනුව ගත් කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආගාදයට වැටීමට පරිපාලනය සෘජුව වගකිව යුතු බව ජ්‍යේෂ්ඨයන් ද ඉඟි පළ කර තිබේ.

ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවධානය යොමු නොකොට ජනප්‍රිය තීරණ මගින් ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩකයන් නොමග යවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මකව තිබූ බවට ඉහත සඳහන් කරුණු විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලිව පෙනී යයි.

"අපි දිගින් දිගටම සිදුකළේ යෝජනා ලබා දෙන එක, නමුත් කිසිම යෝජනාවක් නිර්දේශයක් ක්‍රියාත්මක කළේ නැහැ. දැන් සිදුකළ යුත්තේ, ක්‍රීඩකයන්ගේ යෝජනා ගන්නවා වෙනුවට වෙනත් පිළිවෙතක් අනුගමනය කිරීමයි. අපට අවශ්‍ය දේශපානිකව අපක්ෂපාතී හා වගකීම් සහගත පිළිගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි."  - අරවින්ද ද සිල්වා

© Island Cricket

Comments

Anonymous's picture

Ashley De Silva, CEO what an idiot! All we remember of him is the way he left a ball crashing into his middle stump to be bowled out in the nost iduotic fashion. That sums up his credentials. What a loser

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.