අයහපත් කාළගුණයෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණය වැලකෙයි

ජූනි 19, 2018

බටහිර ඉන්දිය කොදෙව්-ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැති දෙවැනි ‍ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ අවසන් දිනයේ තේ විරාමයෙන් අනතුරුව වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවූ අතර, අඳුරු කාලගුණය හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ තරගය අත්හැර දැමීමටය.

කඩුලු 5 ක් පමණක් අතැතිව අසීරු තත්ත්වයක සිටි කොදෙව් කණ්ඩායමට තවත් පන්දුවාර 32.3 ක් ඉතිරිව තිබිණ.

ක්‍රේග් බ්‍රෙත්වේට් නොදැවී ලකුණු 59 ක් රැස්කරගෙන කොදෙව්වන් පරාජයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක ඒ වනවිට නියැලී සිටියේය.

පළමු තරගයෙන් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය ජය ගත යුතුව තිබිණ.

තරගයේ තුන්වැනි දිනයේදී ද පන්දුව පළුදු කළ බවට වූ චෝදනාව හේතුවෙන් පන්දුවාර 25 ක් පමණ අපතේ ගියේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 253 ට පිළිතුරු ලෙස කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස්කළ අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 342 ක් සියලු දෙනා දැවී රැස්කළේය.

ලකුණු 296 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව්වන් තරගය නතර කරන විට එක් කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් රැස්කරගෙන සිටියේය.

මෙම තරගයේ දී වේගපන්දු යවන ක්‍රීඩක ශැනොන් ගේබ්‍රියල් කඩුලු 13 ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විය.

පළමු ඉනිමේදි ලකුණු 59 ක් ලබා දෙමින් කඩුලු 5 ක් දවා ගත් ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 62 ක් ලබා දෙමින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්විය.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.