දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට?

ජූලි 6, 2018

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායමේ නායකත්වය නැවත දිනේශ් චන්දිමාල්ට ලබා දී තිබේ.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරමින් කණ්ඩායම ක්‍රීඩාංගණයෙන් පිටත රැඳවීමේ චෝදනාවට වරද භාරගැනීම හේතුවෙන්, චන්දිමාල්ට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අවස්ථාවක නායකත්වය නැවතත් ඔහුවම නිළ වශයෙන් පත් කිරීම විමතියට තුඩු දේ.

ලබන දස වැනිදා ඔහුට, පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කලමණාකරු අසංක ගුරුසිංහට එරෙහි චෝදනාවන්ට දඬුවම් පැමිණවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති පසුබිමක ටෙස්ට් තරගාවලිය චන්දිමාල්ගේ සහභාගීත්වය අවිනිස්චිත තත්ත්වයක තිබේ.

එසේ වුවහොත් නැවත සුරංග ලක්මාල්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම භාර ගැනීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් ද, ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කිරිමේ පදනම මත නම් කර තිබේ.

රංගන හේරත් කොදෙව් හීදී පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක ආබාදයකට ලක්වූ අතර, කුසල් ජනිත් පන්දු රකිමින් සිටි අවස්ථාවේ දී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාදයට ලක්විය.

ඊට අමතරව දිමුත් කරුණාරත්නට නැවත සුපුරුදු ආරම්භක පිතිකරු තනතුර හිමිව තිබේ.

අතක ආබායකට ලක්වීම හේතුවෙන් කොදෙව් සංචාරය මග හැරුණු දිමුත් බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව නැවතත් දක්ෂතා අතරට පැමිණී හේතුවෙන් එම අවස්ථාව හිමිව ඇතුවාට සැක නැත

කෙසේ වෙතත්, ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලකුණු අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමුකර ඇතුවාට සැක නැත‍.

වේග පන්දුවෙන් සුරංග ලක්මාල්, ලහිරු කුමාර හා කසුන් රජිත නැවතත් කණ්ඩායමේ ස්ථාන හිමිකරගනිද්දී, ලහිරු ගමගේට ස්ථානය අහිමිව තිබේ.

එසේම දීර්ඝ කාලයක් ආබාදයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිට නැවත දේශීය තරග බිමේදී දක්ෂතා වැඩි දියුණු කරගත් ධම්මික ප්‍රසාද් සම්බන්ධයෙන් අවධානය යොමු නොවී ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිනේශ් චන්දිමාල් - නායක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් (ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගීවිය යුතුවේ), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්  ( ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගීවිය යුතුවේ), සුරංග ලක්මාල් - උප නායක, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.