දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් - තරගාවලියේ වීරයා දිමුත්

ජූලි 23, 2018

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වූයේ, දෙවැනි තරගය ලකුණු 199 කින් ජය ගනිමිනි.

කොළඹ එස් එස් සී පිටියේ පැවති තරගයේ සිව්වැනි දිනය වූ අද ලකුණු 490 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 290 ක් පමණි.

රංගන හේරත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ, දකුණු අප්‍රිකානුවන්ට අසරණ වීමට නැවත සිදුවිය.

ඩි බරේන් ලකුණු 101 ක් සමගින් සිය මංගල ටෙස්ට ශතකය වාර්තා කළ ද එය දකුණු අප්‍රිකාවේ පරාජය වැලැක්වීමට ප්‍රමාණවත් වූයේ නැත‍.

පළමු ඉනිමේ දී එක් කඩුල්ලක් පමණක් දවා ගත්තද, රංගන හේරත් දෙවැනි ඉනිම තම ග්‍රහණයට ලක් කරගනිමින් ලකුණු 98 කට කඩුලු 6 ක් දවා ගත් අතර, ඩිල්රුවන් පෙරේරා හා අකිල ධනංජය කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු 338 ක් රැස්කළ අතර දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 214ක් ඉදිරියෙන් සිට නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 275 ක් ලබා ඉනිම අත්හිටවීය.

පළමු තරගයෙන් දින දෙකක් ඉතිරිව තිබියදී විශිෂ්ඨ ලෙස ජය ගත්  ශ්‍රී ලංකා කණ්ඩායම අද ජයග්‍රහණයත් සමගින් තරග දෙකට 0 ක් ලෙස තරගාවලිය ජයගත්තේ, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් වාර්තා කළ තුන්වැනි අවස්ථාව සටහන් කරමිනි.

ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ, 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ දීය.

තරගාවලිය පුරා පිත්තෙන් දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා හා දෙවැනි තරගයේදීද වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

ඔහු තරග දෙකේ දී ඉනිමක සාමාන්‍ය 118.66 ලෙස රඳවා ගනිමින්, ලකුණු 356 ක් රැස්කළේ අර්ධ ශතක තුනක් හා එක් ශතකයක් වාර්තා කරමිනි.

ඩිල්රුවන් පෙරේරා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස වාර්තා අතරට එක්වූයේ කඩුලු 16 ක් දවා ගනිමිනි.  රංගන හේරත් තරග දෙක තුළ කඩුලු 12 ක් දවා ගත්තේය.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.