දෙවැනි එක්දින තරගයෙනුත් දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක් (වීඩියෝව බලන්න)

අගෝස්තු 2, 2018

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරයත් කඩුලු 4 කින් ජයගත් දකුණු අප්‍රිකාව තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

කාසියේ වාසිය ජයගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියද ශ්‍රී ලංකාවට නැවතත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිනොවීය‍.

තරගයේ පළමු කඩුලු දෙක ලකුණු 13 ක් තුළ දැවී ගිය අතර, තුන්වැනි කඩුල්ල බිඳ වැටුණේ මුලු ලකුණු 56 ක් ව තිබියදී යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 111 ක් වැය කරමින් ලකුණු 79 ක් රැස්කළ අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 78 ක් තුළ ලකුණු 69 ක් රැස්කළේය.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර 10 වන විට කඩුලු 6 ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වුණේ ලකුණු 244 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ලට ලකුණු 91 ක සබඳතාවක් ගොඩ නැගීමට හෂීම් අම්ලා හා ක්වින්ටන් ඩි කොක් සමත්විය.

කොක් ලකුණු 87 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යද්දී, නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 49 කින් හා අම්ලා ලකුණු 43 කින් සිය දායකත්වය ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රජිත හා ප්‍රභාත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගත්තද ඔවුන් දෙදෙනාටම බලාපොරොත්තු වූ දක්ෂතා දැක්වීමේ අවස්ථාව හිමි නොවීය‍.

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.